කෝණ මැනීම
පොදු සම්මුතිය අනුව වාමාවර්තව මනින කෝණය ධන කෝණය
ලෙසත් දක්ෂිණාවර්තව මනින කෝණය ඍණ කෝණය ලෙසත් හැදින්වේ. කෝණය මැනීම සඳහා අංශක හා
රේඩියන යන මිනුම් භාවිතා කරයි.
අංශකය
ඕනෑම අරයක් ඇති වෘත්තයක සමාන ප්‍රාන්තර 360 කට වෙන් කල විට එම එක් ප්‍රාන්තරයක්
කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශකයකි.
කලාව
අංශකයක් තවත් සමාන ප්‍රාන්තර 60 කට වෙන් කල විට ඉන් එක් ප්‍රාන්තරයක් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කලාවකි.විකලාව
කලාවක් තවත් සමාන ප්‍රාන්තර 60 කට බෙදූ විට ඉන් එක් කොටසක් කේන්ද්‍රය
ආපාතනය කරන කෝණය විකලාවකි.
රේඩියනය
ඕනෑම අරයක් ඇති
වෘත්තයක අරයට සමාන චාප දුරක් කේන්ද්‍රය ආපාතනය වන කෝණය රේඩියනයකි.
Comments
Post a Comment