Popular Posts
ත්‍රිකෝණමිතිය
By pbtrig.
Bhanuka Ilangasinghe
-
ත්‍රිකෝණමිතිය යනු ත්‍රිකෝණ විශේෂයෙන් එක් කෝණයක් ඍජු කෝණයක් වූ තල ත්රිකෝණයන් සමග සම්බන්ධ වූ ගණිතයෙහි කොටසකි. ත්‍රිකෝණමිතිය කටයුතු කරන්නේ ත්‍රිකෝණයක පාද සහ කෝණ අතර සම්බන්ධතාවයන් හා මෙම සම්බන්ධතා විස්තර කරන ත්‍රිකෝණමිතික ශ්‍රිත සමගයි. ත්‍රිකෝණමිතියට ශුද්ධ ගණිතය සහ ව්‍යවහරික ගණිතය යන කොටස් දෙකේම යෙදීම් ඇත. මෙහිදී භාවිතා වන සූත්‍ර තුනකි. Sin Cos Tan සයින් ( sin) ශ්‍රීතය අර්ථ දක්වනුයේ , කෝණයට සම්මුඛ පාදයේ දිග එහි කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි. කොසයින ශ්‍රීතය ( cos) අර්ථ දක්වනුයේ , බද්ධ පාදයේ දිග කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි. ටැංජන ශ්‍රීතය ( tan) අර්ථ දක්වනුයේ සම්මුඛ පාදයේ දිග බද්ධ පාදයේ දිගට දක්වන අනුපාතය ලෙසයි. පහත රූපය ඇසුරෙන් එය පැහැදිලි කර ගනිමු.



Comments
Post a Comment